Wednesday, September 5, 2012

Blog එකට Facebook like button එකක් දාගමුද?....


මම අද කියලා දෙන්න යන්නේ කොහොමද අපේ Blog එකට Facebook like button එකක් දාගන්නේ කියලා. මුලින්ම මෙන්න මේ Facebook Developer Site එකට යන්නකෝ. එතකොට මේ වගේ පිටුවක් දකින්න ලැබේවි.


 එතන උඩින්ම තියෙන URL to like කියන තැනට ඔයාගේ Blog එකේ Link එක දෙන්න. පහලින් තියෙන Option වලින් තමන්ට කැමති විදියට Like button එක වෙනස් කරගන්න පුලුවන්. අපේ Like button එක කොහොමද පේන්නේ කියලා පැත්තෙන් තියෙන preview එකෙන් බලාගන්න පුලුවන්. තමන්ට කැමති ආකාරයට Like button සකස්කරගත්තට පස්සේ Get Code කියන එක Click කරන්න. එතකොට Code 2ක් තියෙන පොඩි Window එකක් ඒවී.




දැන් අපි අපේ Blog එකට Log වෙලා Template කියන Tab එකේ තියෙන Edit HTML කියන එක Click කරන්න.




එතකොට පොඩි Notice එකක් ඒවී.



එක Proceed කරන්නකෝ. ආ දෙයක් කියන්න අමතක උනානේ. මතක ඇතුව මේ පියවරට කලින් ඔයාගේ Blog එකේ Backup එකක් ගන්න හොදේ. නැත්තම් හදිස්සියේවත් මොකක් හරි අවුලක් ගියොත් දෙයියන්ගෙම පිහිටයිනේ. :ඩී


හරි දැන් ඇවිල්ලා තියෙන Page එකේ Expand Widget Templates කියන එකට Tick දාන්න.


දැන් Ctrl+F ගහන්නකෝ. දැන් දකුණු පැත්තේ ඉහල කෙලවරේ පොඩි Box එකක් ඒවි. එතන <body> කියලා type කරලා enterකරන්න. දැන් <body>කියන Tag එක hilight වෙලා පෙනේවී.




Body Tag එක ඉවරවෙන තැන, මම ඊතලයකින් පෙන්නලා ඇති, එතනට Mouse pointer එක තියලා Enter කරන්නකෝ. දැන් අර ආපු Code 2න් උඩ තියෙන code එක copy කරලා මෙතනට paste කරන්න.





 ඊළඟට ආයෙමත් උඩ තියෙන කොටුවේ <data:post.body> කියලා type කරලා enterකරන්න. දැන් කලින් වගේම <data:post.body> Tag එකේ angle bracket එකට පස්සේ mouse pointer  එක තියලා enter කරන්න. දැන් අර code 2න් පහළ තියෙන code එක copy කරලා මෙතනට paste කරන්න.





 <data:post.body> කියන tag එකට පස්සෙන් code එක paste කරාම ඔයාගේ හැම post එකක් අන්තිමටම like button එක ඒවී. මේ code එක අපට පුලුවන් <data:post.body> tag එකට ඉස්සරහින් paste කරන්න. එතකොට ඔයාගේ හැම post එකක් පටන් ගන්නකොට like button එක දකින්න පුලුවන්. අපි කැමති තැනකට like button එක දාගන්න ඕනේ නම් මේ දෙවනි code එක මෙතනට paste නොකර tempate එක save කරන්න. දැන් Layout tab එකට ගිහින් Add widget කියන එක click කරලා HTML/Javascript කියන එක තෝරලා එතනට paste කරන්න.



ඊට පස්සේ save කරලා layout එකේ ඕන තැනකට drag කරලා save කරගන්නකෝ. දැන් බලන්නකෝ ඔයාගේ blog එකට facebook like button එක ඇවිත් ඇති. මොනවහරි ගැටලුක් තියෙනවනම් comment එකක් දාන්නකෝ...........


No comments:

Post a Comment

Windows Media Player එක සුපිරියට හදාගනිමු......

කොහොමද යාලුවනේ. හැමෝම හොදින් කියලා හිතනවා. හරි මම අද කියලා දෙන්නේ කොහොමද Windows Media Player එක සුපිරියට  හදාගන්නේ කියලා. Windows Operatin...