Thursday, September 26, 2013

Windows Media Player එක සුපිරියට හදාගනිමු......

කොහොමද යාලුවනේ. හැමෝම හොදින් කියලා හිතනවා.
හරි මම අද කියලා දෙන්නේ කොහොමද Windows Media Player එක සුපිරියට  හදාගන්නේ කියලා. Windows Operating System එකට එන  WMP එකට ගොඩක් අය කැමති නැත්තේ එකේ Shortcut key ලේසි නැති නිසා වගේම සමහර Video format එහෙම play වෙන්නේ නැති නිසයි.

මුලින්ම ඕනම video එකක් play කරගන්න පුලුවන්  වෙන්න මේ පොඩි Tool එක install කරගන්නකෝ.

දැන් බලමු Shortcut key හදාගන්නේ කොහොමද කියලා මේකට පොඩි Plugin එකක් ඕන වෙනවා. මුලින්ම එක බාගෙන install කරගන්නකො .

හරි ඊළඟට WMP එක open කරලා එකේ Tools වල option කියන එක clickකරන්න.
දැන් එකේ Plug-ins කියන tab එක තෝරගන්න. Category එකේ යටින් background තියෙන  කියන එක select කරගන්න. දැන් wmpkeys plugin කියන එක tick කරලා Properties කියන click එක කරන්න.



 දැන් තමන්ට ඕන විදියට Shortcut keys ටික වෙනස් කරගන්න පුලුවන්.





 දැන් OK කරන්න. දැන් බලන්නකො Shortcut key ටික බබා වගේ වැඩ නේද කියලා.
WMP එකේ skin එක නිකන් කැතයි වගේද? හරි එකටත් වැඩක් තියෙනවා.  මේ site එකෙන් skins බාගෙන install කරගන්නකෝ.

skin වෙනස් කරගන්න view tab එකේ Skin chooser කියන එක තෝරලා අවශ්‍ය skin එක දාගන්නකෝ.



දැන් WMPඑක තීන්නේ සුපිරියට . කිසිම media player එකකට දෙවෙනි වෙන්නෙ නැහැ.

No comments:

Post a Comment

Windows Media Player එක සුපිරියට හදාගනිමු......

කොහොමද යාලුවනේ. හැමෝම හොදින් කියලා හිතනවා. හරි මම අද කියලා දෙන්නේ කොහොමද Windows Media Player එක සුපිරියට  හදාගන්නේ කියලා. Windows Operatin...