Thursday, September 26, 2013

Windows Media Player එක සුපිරියට හදාගනිමු......

කොහොමද යාලුවනේ. හැමෝම හොදින් කියලා හිතනවා.
හරි මම අද කියලා දෙන්නේ කොහොමද Windows Media Player එක සුපිරියට  හදාගන්නේ කියලා. Windows Operating System එකට එන  WMP එකට ගොඩක් අය කැමති නැත්තේ එකේ Shortcut key ලේසි නැති නිසා වගේම සමහර Video format එහෙම play වෙන්නේ නැති නිසයි.

මුලින්ම ඕනම video එකක් play කරගන්න පුලුවන්  වෙන්න මේ පොඩි Tool එක install කරගන්නකෝ.

දැන් බලමු Shortcut key හදාගන්නේ කොහොමද කියලා මේකට පොඩි Plugin එකක් ඕන වෙනවා. මුලින්ම එක බාගෙන install කරගන්නකො .

හරි ඊළඟට WMP එක open කරලා එකේ Tools වල option කියන එක clickකරන්න.
දැන් එකේ Plug-ins කියන tab එක තෝරගන්න. Category එකේ යටින් background තියෙන  කියන එක select කරගන්න. දැන් wmpkeys plugin කියන එක tick කරලා Properties කියන click එක කරන්න.



 දැන් තමන්ට ඕන විදියට Shortcut keys ටික වෙනස් කරගන්න පුලුවන්.





 දැන් OK කරන්න. දැන් බලන්නකො Shortcut key ටික බබා වගේ වැඩ නේද කියලා.
WMP එකේ skin එක නිකන් කැතයි වගේද? හරි එකටත් වැඩක් තියෙනවා.  මේ site එකෙන් skins බාගෙන install කරගන්නකෝ.

skin වෙනස් කරගන්න view tab එකේ Skin chooser කියන එක තෝරලා අවශ්‍ය skin එක දාගන්නකෝ.



දැන් WMPඑක තීන්නේ සුපිරියට . කිසිම media player එකකට දෙවෙනි වෙන්නෙ නැහැ.

Monday, September 23, 2013

වෙබ් පිටුවක් PDF file එකක් විදියට Save කරමු.

කොහොමද යාලුවනේ. හුඟ කාලෙකින් blog එක පැත්තේ එන්නත් බැරි උනානේ.
හරි මම අද කියලා දෙන්නේ කොහොමද වෙබ් පිටුවක් PDF file එකක් විදියට save කරගන්නේ කියලා.
 මේ වැඩේට ඔයාලට Google Chrome වෙබ් browser එක තියෙන්න ඕනා.
මොකද අනිත් browsers වල මේ option එක නෑ. දැන් save කරගන්න අවශ්‍ය වෙබ් පිටුවට යන්න.
දැන් Address bar එකේ කොනේම තියෙන Customize and Control button එක ඔබන්න .




දැන් Print කියන option එක Click කරන්න. දැන් එන Dialog box එකේ Destination කියන තැන තියෙන Change කියන එක clickකරලා  Save as PDF කියන option එක තෝරගන්න.



දැන් Save කරන්න. දැන් වෙබ් පිටුව PDF එකක් විදියට තියාගන්න පුලුවන්.

 Save කරන්න කලින් පැත්තෙන් තියෙන Preview එක බලලා කොහොමද save වෙන්නේ කියලත් බලාගන්න පුලුවන්.
ඔයාලට Ctrl+p කියන shortcut key එක ඔබලා ඉක්මනින්ම මේ වැඩේ කරගන්නත් පුලුවන්.

Monday, October 15, 2012

හැකින් වලට නැතුවම බැරි Sniffers Tools






අද මම හැමෝටම පුංචි තෑග්ගක් දෙන්නයි යන්නේ. :) මොකක්ද දන්නවද? හැකින් වලට
නැතුවම බැරි Sniffers Tools.
හරි එහෙනම් මෙතනින් බාගන්නකෝ. 8.78 MB




මෙතන Sniffers Tools 8 ක් තියෙනවා.


  1. Lansearchpro
  2. MACAddressChanger
  3. Netsniffer
  4. NetStumblerInstaller_0_4_0
  5. Networx
  6. Pinspector
  7. SuperScan4
  8. Wirelessmon


RAR Password : manushadilan

හරි එහෙනම් පරිස්සමින්  පාවිච්චි කරන්නකෝ. :)




Wednesday, September 19, 2012

Windows 7 Boot Screen එක වෙනස් කරමුද?

අද මම කියලා දෙන්න යන්නේ ,කොහොමද අපේ  Windows 7 Boot Screen එක වෙනස් කරගන්නේ කියලා.




මුලින්ම මේ පොඩි Software එක බාගන්නකෝ.

Windows 7 Boot Updater  

හරි මේ  Software එක Run  කරන්නකෝ. දැන් මේ වගේ Window එකක් ඒවි.



 දැන් මෙතන පේන්න තියෙන්නේ අපේ Default Boot Screen එක. දැන් File tab එකේ Load boot skin කියන එක click  කරලා තමන්ට අවශ්‍ය boot skin  එක Load කරගන්න.



 දැන් පහළ තියෙන Option වලින් පුලුවන් අපට ඕන විදියට Text ආදිය වෙනස් කරන්න. දැන් apply කරන්න කලින් බලන්න Option tab එකේ ඔක්කොම option වලට කොළපාට හරියක් වැටිලද කියලා.



ඊළගට Apply කරන්න තියෙන්නේ .  අපට Google කරලා  හොඳ Boot skin හොයාගන්න පුලුවන්. Boot skin වල File format එක .bs7 ..



 වැදගත්ම දේ තමයි මේක අවදානම් වැඩක්...!!!!! පරිස්සමින් කරන්න ඕන. මේ දේවල් කරන්න ගිහින් OS එකට කෙල උනොත් ඔන්න මම නම් නෑ....     :) 







Thursday, September 13, 2012

හැකර්ස්ලගේ භාෂාව 1337 දැනගනිමුද?....


1337 එහෙමත් නැත්තම් Leet මුලින්ම බිහි වුනේ 1980 දී  bulletin board systems (BBS)කියන chat rooms
වලදී. මේ chat rooms ඇතැම් මාතෘකා ගැන කතා කිරීම වලක්වා තිබුනා. ඒ cracking , hacking සහ අසභ්‍ය 
කරුණුයි. ඒ සදහා ඔවුන් Word Filters භාවිතා කලා. මේ Word Filters වලට අසු නොවීම සදහා තමයි Leet
කියන භාෂාව නිර්මාණය වුනේ. මීට අමතරව chat rooms වලට එන අළුත් සාමාජිකයින් සමච්චලයට ලක්කිරිමත් තවත් අරමුණක් වුණා.....



Leet කියන වචනයෙන් Elite හෙවත් අතිදක්ෂයා යන අර්ථය තමයි තියෙන්නේ. මේ වන විට මේ භාෂාව අන්තර්ජාලය පුරාම පැතිරිලා ඉවරයි. මේ භාෂාවේ මුලික ලක්ෂණය තමයි අකුරු වෙනුවට ඉලක්කම් ආදේශය හා වචන වරදවා භාවිතය.
අපි දැන් බලමුකෝ Leet හෝඩිය.

A = @
U = |_|
B = |3
V = \/
C = (
W = \/\/
D = |)
X = )(
E = 3
Y = '/
F = |=
Z = 2
G = 6
a = 4
H = |-|
b = 8
I = |
c = ©
J = _|
d = |>
K = |(
e = 3
L = |_
f = #
M = /\/\
g = 9
N = /\/
h = h
O = 0
i = |
P = |*
j = j
Q = 0,
k = |<
R = |2
l = 1
S = $
m = m
T = 7
n = n
o = 0

p = |*

q = 0.

r = ®

s = 5

t = +

u = 00

v = \/

w = \/\/

x = ><

y = j

z = 2


L = 1
E=3
E=3
T=7

දැන් තේරුම්ගන්න පුලුවන් නේද 1337 කියන්නේ Leet කියලා.
අපි නිතර  භාවිතා කරන lol කියන වචනයත් Leet වචනයක් කියලා ඔබ දන්නවද?
මේ Leet වචන කිහිපයක් හා තේරුම්....

at = @
no = noes
ck = x0r
woo hoo = w00t
the = teh
why = y
you = j00 or u
be = b
own = pwn
are = r
dude = d00d
fear = ph34r
and = &
super = uber
blah/me = meh
yo = j0
rock = r0xx0r
hacker = h4x0r
cool = k3wl
software = warez
computer = pu73r
chick = chix0r
good = teh win
bad = teh lose
loser = l4m3r
aol = uh, 14m3r
money = monies
bye = bai
kick = punt
porn = pr0n
skill = m4d 5killz
hello = ping
robot = b0t
naked = n3k3d
what = wut
whatever = wutev
cool = c00
to/two = 2
with = wit
sex = cyb3r

programs = progz

god = r00t

fool = f00

heart/love = <3

what's up = sup

that = dat

look at = peep

kill = frag

sweet = schweet

sleep = reboot

greater than = >

newbie = n00b


Google වලත් Leet භාෂාවෙන් සෙවීමේ පහසුකම් සලසලා තියෙනවා. 




normal search – n0rM4L s34rCh
Images – Im4635
Groups – 6r00pZ
directory – d1r3c70rY
Google search – Google s3|2ch
I am feeling lucky – EyE Am ph33|1n6 |u(ky
Advanced search – 4DV4NC3D 534RC|-|
Preferences -PR3F3REN(3Z
Language tools – L4|\|9U493 700L$


Facebook වලත් Leet තියෙනවා කියලා දන්නවද? මුලින්ම Account settings වලට යන්න.



 දැන් Languages කියන  තැන Leet Speak තෝරලා



Save කරලා බලන්නකෝ.



මෙතන තියෙනවා Online LEET-ENGLISH Translater එකක්.. ගිහින් බලන්නකෝ. 
ඔයාවත් හැකර්ස්ලගේ භාෂාවට සාදරයෙන් පිළිගන්නවා..


.

Monday, September 10, 2012

තරු වලට සැඟවුනු Password බලමුද?.....

මම අද කියලා දෙන්නේ Log in page එකක තරු විදියට තියෙන Password එකක් බලාගන්න විදිය. මේකට අපි පාවිච්චිකරන්නේ පුංචි JavaScript එකක්. හරි මුලින්ම Log in page එකට යන්නකෝ. මම උදාහරණයක් විදියට ගන්නේ Yahoo Log in page එක. දැන් මේ තරු විදියට තියෙන Password එක තමයි අපි බලන්න යන්නේ.



මුලින්ම Address bar එකේ JavaScript: කියලා Type කරන්න.



දැන් එතනටම හිස්තැනක් නොතියා මේ Code එක Paste කරන්න.


(function(){var s,F,j,f,i; s = ""; F = document.forms; for(j=0; j<F.length; ++j) { f = F[j]; for (i=0; i<f.length; ++i) { if (f[i].type.toLowerCase() == "password") s += f[i].value + "\n"; } } if (s) alert("Passwords is:\n\n" + s); else alert("There are no passwords in forms on this page.");})();






හරි දැන් මේ විදියට Password එක බලාගන්න පුලුවන්.




හරිම ලේසියි . :ඩී 
කරලම බලලා Comment එකක් දාන්නකෝ....


Windows Media Player එක සුපිරියට හදාගනිමු......

කොහොමද යාලුවනේ. හැමෝම හොදින් කියලා හිතනවා. හරි මම අද කියලා දෙන්නේ කොහොමද Windows Media Player එක සුපිරියට  හදාගන්නේ කියලා. Windows Operatin...