Sunday, August 19, 2012

සැඟවුනු අමුත්තෝ....


1.  දෙයියන්ගේ මාදිලිය.. 



Windows 7 වල තියෙන සැඟවුනු දෙයක් තමයි මේ. මේක Vista වලත් තියෙනවා. හැබැයි Vista 64 bit වල එකේ මේක කරන්න එපා. මොකද OS එක අවුල් යන්න පුලුවන්. Vista  වල 32 bit එකේ නම් අවුලක් නෑ.  :ඩී.
මුලින්ම  අලුත් Folder එකක් හදන්න.
ඊට පස්සෙ GodMode.{ED7BA470-8E54-465E-825C-99712043E01C}
කියන නමින් Rename කරන්න. දැන්  Double click කරලා  බලන්නකො මොනවද තියෙන්නෙ කියලා.





Control panel එකේ ඔක්කොම දේවල් එකම තැනකින් කරගන්න පුලුවන්.



2. තිරය මත යතුරුපුවරුව 

අපේ Keyborad එක එක පාරටම වැඩ කරන්නේ නැතුව ගියොත් අපි මොකද කරන්නේ??? අලුත් Keyborad එකක් ගන්නකම් අපිට වැඩ කරන්න පුලුවන් Keyboard එකක් Windows වල තියෙනවා. ඒක තමයි On Screen Keyboard එක. මේක කොහොමද හොයාගන්නේ? ලේසිම විදිය තමයි Run එකේ osk කියලා type කරලා enter කරන්න.






 මෙන්න තියෙනවා අපේ Keyboard එක.



 අපි Manual විදියට මේක ගන්නවනම්
Start >>> All Programs >>> Accessories >>> Ease Of Access >>> On-Screen Keyboard

3. යතුරු පුවරු මූෂිකය.... 

දැන් අපි දන්නවා Keyborad එක ගන්න හැටි . ඒත් හදිස්සියේවත් අපේ Mouse එක වැඩ කරන්නේ නැතුව
ගියොත්??? ඒකටත් කරන්න දෙයක් තියෙනවා. අපේ Keyboard එක Mouse එකක් විදියට පාවිච්චි කරන්න පුලුවන්.

Keyborad එකේ ALTයතුරයි , වම් SHIFTයතුරයි , NUMLOCK යතුරයිඑකට Press කරන්න. එතකොට එන Dialog box එකYes  කරන්න. දැන් අපිට පුලුවන් Numerical pad  එකෙන් Mouse pointer එක හසුරවන්න.




අංක 5න් පුලුවන් click කරන්න. +ලකුණෙන් double click කරන්නත්, -  ලකුණෙන් right click කරන්නත්
පුලුවන්. Numerical pad එකේ තියෙන Arrow key වලින් පුලුවන් Mouse pointer එක අවශ්‍ය දිශාවට
ගෙනයන්න පුලුවන් .


4. DirectX  මාදිලිය.... 


මෙහෙමයි අපේ පරිගණකයේ DirectX version එක බලාගන්නේ. Run එකේ dxdiag කියලා type කරලා Enter කරන්නකෝ.



 දැන් පුලුවන් අපිට පරිගණකයේ Direct X version එක බලාගන්න. මේක ගොඩක් උවමනා වෙන්නේ Game Playකරන කට්ටියට තමයි.    :D



5.බෙදාගන්න අකමැතියි.... 

අපේ Share වෙලා තියෙන Folder වල Share වෙන එක නවත්වන්නේ මෙහෙමයි. මුලින්ම cmd එක open කර ගන්න.
එකේ මේ විධානය type කරන්න.
net share xxxx /delete    මෙතන xxxx කියන තැනට දෙන්න ඕනේ අපේ Share වෙච්ච Folder එකේ නම.
උදාහරණයකට Folder එකේ නම Example නම් අපි type කරන්න ඕනේ net share Example /delete කියලා.



දැන් Enter කරන්න. දැන් වැඩේ සාර්ථකව ඉවරයි.




No comments:

Post a Comment

Windows Media Player එක සුපිරියට හදාගනිමු......

කොහොමද යාලුවනේ. හැමෝම හොදින් කියලා හිතනවා. හරි මම අද කියලා දෙන්නේ කොහොමද Windows Media Player එක සුපිරියට  හදාගන්නේ කියලා. Windows Operatin...