Monday, August 13, 2012

මෙන්න තවත් බ්ලොග් එකක් !

මෙන්න තවත් බ්ලොග් එකක් ! බැලූ බැල්මට කාට උනත් එහෙම හිතෙන්න පුලුවන්. ඇත්ත මේ වෙනකොට සයිබර් අවකාශය පිරෙන්න බ්ලොග් ඕනතරම් තියෙනවා. තව ඉස්සරහටත් ඇතිවේවි. ඒ බව තේරෙන්නේ බ්ලොග් එකට Domain එකක් ගන්න ගියාම තමයි. බලන බලන Domain එක Unavailable...  :D

ඇත්තටම අපට සතුටු වෙන්න පුලුවන් මොකද මේ වෙනකොට සිංහලෙන්  ලියවෙන බ්ලොග් ගොඩාක් තියෙනවා. ඇත්තටම ඒක හොඳයි. මමත් හිතුවා ඒ අතරට එකතු වෙන්න.

හරි දැන් මම මොනව ගැනද මේ බ්ලොග් එක ලියන්නේ?? හ්ම්........... ඇත්ත තමයි. මොනව ගැනද ලියන්නේ  ?????   මම හිතුවා මූලික දේ විය යුත්තේ දැනුමට යමක් දීමයි කියලා . ඔව් ඒ අතරට හදවතටත් හිතටත් යමක් එකතු වෙන්න ඕනේ. නැත්තම් ඉතින් ඒකාකාරීනේ.

දැන් හැමෝටම අදහසක් එන්න ඇති මේ බ්ලොග් එක මොන අතටද යන්නේ කියලා. හරි ඉදිරියෙදිත් ඔයාලත් එක්කම ඉන්න බලාපොරොත්තු වෙනවා... දිගටම බ්ලොග් කියවන්න ලියන්න. ජයවේවා........   :)


අන්තිමට මේ ටිකත් එකතු කරන්නම්කෝ ... 
පැරණි චීන කියමනක්.... 
මිනිහෙක් උනාම වැඩ 3ක්  කරන්න ඕනෙ 
පුතෙක් හදන්න 
ගහක් හිටවන්න 
පොතක් ලියන්න

අනාගතයේදී ඒක මෙහෙම වෙනස් වේවි... 
පුතෙක් හදන්න 
ගහක් හිටවන්න 
බ්ලොග් එකක් ලියන්න.... :D 

1 comment:

  1. ජයවේවා යාලුවා..දිගටම කරගෙන යන්න...වෙනස් දෙයක් බලාපොරොත්තු වෙනවා..

    ReplyDelete

Windows Media Player එක සුපිරියට හදාගනිමු......

කොහොමද යාලුවනේ. හැමෝම හොදින් කියලා හිතනවා. හරි මම අද කියලා දෙන්නේ කොහොමද Windows Media Player එක සුපිරියට  හදාගන්නේ කියලා. Windows Operatin...