Tuesday, August 14, 2012

Batch files ගැන දැන ගනිමු...


Batch files කියන්නේ මොනවද? 




Batch file එකකින් වෙන්නෙ සරළව කියනවනම් ඒ Batch file ක්‍රියාත්මක වූ වහාම  සිදුවිය යුතු විධාන ශ්‍රේණියක් (commands list )  පිළිවලට සිදුකිරිමයි. උදාහරණයක් විධියට අපට පුලුවන් Batch file එකකින් ගොනු ශ්‍රේණියක් ( series of files) මකාදැමීම, වෙනත් ස්ථානයකට මාරු කිරීම ආදිය කරන්න පුලුවන් . Batch file එකක් හදන්න පරිගනක ක්‍රමලේඛනය ගැන දැනුමක් අවශ්‍ය නෑ . MS-DOS විධාන ගැන අවබෝදයක් තිබුනහම ඇති.

 Batch file එකක් තේරුම් ගන්න හොඳම උදාහරණය තමයි අපි කවුරුත් දන්න Desktop එකේ  තියෙන  shortcut icon. shortcut icon එක click කරාම program flies වල තියෙන exe එක මගින් අදාළ වැඩසටහන ක්‍රියාත්මක වෙනවා වගේ,Batch files  මඟින්  පුලුවන් cmd විධාන 1ක් හෝ කිහිපයක් ක්‍රියාකරවන්න පුලුවන්.


තවත් උදාහරණයක් තමයි autoexe.bat කියන boot batch file එක. මේ batch file එකෙන් තමයි DOS  හරි Windows වල කලින් සංස්කරණ අඩංගු පරිගණක boot වෙන්න අවශ්‍ය විධාන හා වැඩසටහන් ක්‍රියාත්මක කරන්නේ..

Batch files හදන හැටි.... 


1. MS-DOS මගින්

MS-DOS window එක විවෘත කරගන්න. (cmd/command line prompt)
cmd එකේ edit test.bat ලෙස type කරන්න.
නිවැරදිව type කරා නම් ඔබට දැන් නිල්පාට තිරයක් දකින්න පුලුවන්. ඒ තිරයේ

pause
dir c:\windows
dir c:\windows\system

ලෙස  type කරලා enter කරන්න .
දැන් File menu එකේ exit click කරන්න. එතකොට prompt එකක්  ඒවි Save කරන්නද අහලා , ඒක Yes
කරන්න. ඔබේ Dos window එකේ mouse pointer එක පෙන්නන්නේ නැත්තම් ALT+F මගින් File menu
එකට ගිහිල්ලා ' X ' අකුර click කරාම exit වෙන්න පුලුවන්. දැන් Yes ඔබලා Save කරගන්න...   ;)

දැන් ආපහු cmd  එකට ගිහිල්ලා test යනුවෙන් type කරලා enter කරන්න. මේ මගින් pause command  එක
ක්‍රියාත්මක වේවී . මුල්ම විධානය නිසා ඔබට යතුරක් ඔබන ලෙස දැනුම්දෙන prompt එකක් ඒවී.කැමති යතුරක් එබූ විට පිළිවෙලින්   ඊළඟ විධානය ක්‍රියත්මක වේවී.  දැන් windows folder එකේ හා system folder එකේ සියලුම ගොනු දකින්න පුලුවන්. :D :D
මේකට තවත් විධාන එකතු කරන්න ඕනේ edit test.bat  නම් යොදා ගෙන අවශ්‍ය සංස්කරණ කරන්න පුලුවන්.


**** තවත් දෙයක් කියන්න ඕනේ. සමහර DOS සංස්කරණවල edit විධානය නොමැති වෙන්න පුලුවන්. 

2. MS-windows මගින්


windows පරිශීලකයින්ට කලින් ක්‍රමයටද batch file එකක් හදන්න පුලුවන්. ඒත් ඊට ලේසියෙන් ඕනම    text-editor එකක් මඟින් batch files හදන්න පුලුවන්. 
Ex-  notepad/word pad
කරන්න තියෙන්නේ Save කරනකොට .bat extension එක දෙන්න විතරයි. :) 

මුලින්ම notepad එක විවෘත කරගන්න.

@echo off
echo Hello this is a test batch file
pause
dir c:\windows

මේ code එක copy කරලා paste කරගන්න.
file එක test.bat විධියට save  කරගන්න. මතක ඇතුවSave as type කියන තැන All files තෝරන්න.
නැත්තම් text file එකක් විධියට තමයි save වෙන්නේ.
දැන් පුරුදු විධියට batch file එක උඩ double click කරලා run කරන්න.
batch file එක ක්‍රියාත්මක වෙලා ඉවර වුනාම DOS window එක  ඉබේම close එක වේවි.


 Batch විධාන කිහිපයකට උදාහරණ 


@
%1
::
:LABEL
CALL
CHOICE
CLS
ECHO
EXIT
GOTO LABEL
IF
PAUSE
REM
SHIFT
START


දැන් අපි පුංචි batch program එකක් හදමු... 


@ECHO OFF
:BEGIN
CLS
CHOICE /N /C:123 PICK A NUMBER (1, 2, or 3)%1
IF ERRORLEVEL ==3 GOTO THREE
IF ERRORLEVEL ==2 GOTO TWO
IF ERRORLEVEL ==1 GOTO ONE
GOTO END
:THREE
ECHO YOU HAVE PRESSED THREE
GOTO END
:TWO
ECHO YOU HAVE PRESSED TWO
GOTO END
:ONE
ECHO YOU HAVE PRESSED ONE
:END


Batch files ගැන ගොඩක් දේවල් ඉගෙන ගත්තා කියලා මම හිතනවා. එහෙනම් අදට නවතින්නම්..... :D


2 comments:

  1. එල කොල්ලා දිගටම ලියපන්..වෙනස් විදියේ දෙයක් බලාපොරොත්තු වෙනවා..ජය වේවා..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මචෝ.... ::ඩී

      Delete

Windows Media Player එක සුපිරියට හදාගනිමු......

කොහොමද යාලුවනේ. හැමෝම හොදින් කියලා හිතනවා. හරි මම අද කියලා දෙන්නේ කොහොමද Windows Media Player එක සුපිරියට  හදාගන්නේ කියලා. Windows Operatin...