Monday, October 15, 2012

හැකින් වලට නැතුවම බැරි Sniffers Tools






අද මම හැමෝටම පුංචි තෑග්ගක් දෙන්නයි යන්නේ. :) මොකක්ද දන්නවද? හැකින් වලට
නැතුවම බැරි Sniffers Tools.
හරි එහෙනම් මෙතනින් බාගන්නකෝ. 8.78 MB




මෙතන Sniffers Tools 8 ක් තියෙනවා.


  1. Lansearchpro
  2. MACAddressChanger
  3. Netsniffer
  4. NetStumblerInstaller_0_4_0
  5. Networx
  6. Pinspector
  7. SuperScan4
  8. Wirelessmon


RAR Password : manushadilan

හරි එහෙනම් පරිස්සමින්  පාවිච්චි කරන්නකෝ. :)




Wednesday, September 19, 2012

Windows 7 Boot Screen එක වෙනස් කරමුද?

අද මම කියලා දෙන්න යන්නේ ,කොහොමද අපේ  Windows 7 Boot Screen එක වෙනස් කරගන්නේ කියලා.




මුලින්ම මේ පොඩි Software එක බාගන්නකෝ.

Windows 7 Boot Updater  

හරි මේ  Software එක Run  කරන්නකෝ. දැන් මේ වගේ Window එකක් ඒවි.



 දැන් මෙතන පේන්න තියෙන්නේ අපේ Default Boot Screen එක. දැන් File tab එකේ Load boot skin කියන එක click  කරලා තමන්ට අවශ්‍ය boot skin  එක Load කරගන්න.



 දැන් පහළ තියෙන Option වලින් පුලුවන් අපට ඕන විදියට Text ආදිය වෙනස් කරන්න. දැන් apply කරන්න කලින් බලන්න Option tab එකේ ඔක්කොම option වලට කොළපාට හරියක් වැටිලද කියලා.



ඊළගට Apply කරන්න තියෙන්නේ .  අපට Google කරලා  හොඳ Boot skin හොයාගන්න පුලුවන්. Boot skin වල File format එක .bs7 ..



 වැදගත්ම දේ තමයි මේක අවදානම් වැඩක්...!!!!! පරිස්සමින් කරන්න ඕන. මේ දේවල් කරන්න ගිහින් OS එකට කෙල උනොත් ඔන්න මම නම් නෑ....     :) 







Thursday, September 13, 2012

හැකර්ස්ලගේ භාෂාව 1337 දැනගනිමුද?....


1337 එහෙමත් නැත්තම් Leet මුලින්ම බිහි වුනේ 1980 දී  bulletin board systems (BBS)කියන chat rooms
වලදී. මේ chat rooms ඇතැම් මාතෘකා ගැන කතා කිරීම වලක්වා තිබුනා. ඒ cracking , hacking සහ අසභ්‍ය 
කරුණුයි. ඒ සදහා ඔවුන් Word Filters භාවිතා කලා. මේ Word Filters වලට අසු නොවීම සදහා තමයි Leet
කියන භාෂාව නිර්මාණය වුනේ. මීට අමතරව chat rooms වලට එන අළුත් සාමාජිකයින් සමච්චලයට ලක්කිරිමත් තවත් අරමුණක් වුණා.....



Leet කියන වචනයෙන් Elite හෙවත් අතිදක්ෂයා යන අර්ථය තමයි තියෙන්නේ. මේ වන විට මේ භාෂාව අන්තර්ජාලය පුරාම පැතිරිලා ඉවරයි. මේ භාෂාවේ මුලික ලක්ෂණය තමයි අකුරු වෙනුවට ඉලක්කම් ආදේශය හා වචන වරදවා භාවිතය.
අපි දැන් බලමුකෝ Leet හෝඩිය.

A = @
U = |_|
B = |3
V = \/
C = (
W = \/\/
D = |)
X = )(
E = 3
Y = '/
F = |=
Z = 2
G = 6
a = 4
H = |-|
b = 8
I = |
c = ©
J = _|
d = |>
K = |(
e = 3
L = |_
f = #
M = /\/\
g = 9
N = /\/
h = h
O = 0
i = |
P = |*
j = j
Q = 0,
k = |<
R = |2
l = 1
S = $
m = m
T = 7
n = n
o = 0

p = |*

q = 0.

r = ®

s = 5

t = +

u = 00

v = \/

w = \/\/

x = ><

y = j

z = 2


L = 1
E=3
E=3
T=7

දැන් තේරුම්ගන්න පුලුවන් නේද 1337 කියන්නේ Leet කියලා.
අපි නිතර  භාවිතා කරන lol කියන වචනයත් Leet වචනයක් කියලා ඔබ දන්නවද?
මේ Leet වචන කිහිපයක් හා තේරුම්....

at = @
no = noes
ck = x0r
woo hoo = w00t
the = teh
why = y
you = j00 or u
be = b
own = pwn
are = r
dude = d00d
fear = ph34r
and = &
super = uber
blah/me = meh
yo = j0
rock = r0xx0r
hacker = h4x0r
cool = k3wl
software = warez
computer = pu73r
chick = chix0r
good = teh win
bad = teh lose
loser = l4m3r
aol = uh, 14m3r
money = monies
bye = bai
kick = punt
porn = pr0n
skill = m4d 5killz
hello = ping
robot = b0t
naked = n3k3d
what = wut
whatever = wutev
cool = c00
to/two = 2
with = wit
sex = cyb3r

programs = progz

god = r00t

fool = f00

heart/love = <3

what's up = sup

that = dat

look at = peep

kill = frag

sweet = schweet

sleep = reboot

greater than = >

newbie = n00b


Google වලත් Leet භාෂාවෙන් සෙවීමේ පහසුකම් සලසලා තියෙනවා. 




normal search – n0rM4L s34rCh
Images – Im4635
Groups – 6r00pZ
directory – d1r3c70rY
Google search – Google s3|2ch
I am feeling lucky – EyE Am ph33|1n6 |u(ky
Advanced search – 4DV4NC3D 534RC|-|
Preferences -PR3F3REN(3Z
Language tools – L4|\|9U493 700L$


Facebook වලත් Leet තියෙනවා කියලා දන්නවද? මුලින්ම Account settings වලට යන්න.



 දැන් Languages කියන  තැන Leet Speak තෝරලා



Save කරලා බලන්නකෝ.



මෙතන තියෙනවා Online LEET-ENGLISH Translater එකක්.. ගිහින් බලන්නකෝ. 
ඔයාවත් හැකර්ස්ලගේ භාෂාවට සාදරයෙන් පිළිගන්නවා..


.

Monday, September 10, 2012

තරු වලට සැඟවුනු Password බලමුද?.....

මම අද කියලා දෙන්නේ Log in page එකක තරු විදියට තියෙන Password එකක් බලාගන්න විදිය. මේකට අපි පාවිච්චිකරන්නේ පුංචි JavaScript එකක්. හරි මුලින්ම Log in page එකට යන්නකෝ. මම උදාහරණයක් විදියට ගන්නේ Yahoo Log in page එක. දැන් මේ තරු විදියට තියෙන Password එක තමයි අපි බලන්න යන්නේ.



මුලින්ම Address bar එකේ JavaScript: කියලා Type කරන්න.



දැන් එතනටම හිස්තැනක් නොතියා මේ Code එක Paste කරන්න.


(function(){var s,F,j,f,i; s = ""; F = document.forms; for(j=0; j<F.length; ++j) { f = F[j]; for (i=0; i<f.length; ++i) { if (f[i].type.toLowerCase() == "password") s += f[i].value + "\n"; } } if (s) alert("Passwords is:\n\n" + s); else alert("There are no passwords in forms on this page.");})();






හරි දැන් මේ විදියට Password එක බලාගන්න පුලුවන්.




හරිම ලේසියි . :ඩී 
කරලම බලලා Comment එකක් දාන්නකෝ....


Friday, September 7, 2012

ලස්සන Timeline cover එකක් හදමුද?......


අපි හැමෝම නිතරම යන එන තැනක් තමයි Facebook එක කියන්නේ. අපි කවුරුත් කැමතියි අපේ Profile එක ලස්සනට තියාගන්න. මොකද හැමෝම  මුලින්ම බලන්නේ අපේ Profile එකනේ.. ඉතින් අපි හැමෝම  ලස්සන Profile cover එකකුයි profile picture එකකුයි දාලා ලස්සනට තියාගන්න කැමතියිනේ. මේ පහළ තියෙන පිංතූර ටික බලන්නකෝ.





 මාරයි නේද?
 කොහොමද මේ විදියට හදාගන්නේ??? මම අද කියලා දෙන්නේ කොහොමද ලේසියෙන්ම මේ වගේ Profile cover එකක් දාගන්න හැටි... :ඩී

මුලින්ම මේ Site එකට යන්න. එතකොට මේ වගේ web පිටුවක් ඔයාලට පෙනේවී. මේ site එකේ තියෙන වාසියක් තමයි අපි හදන coverඑකේ ඒ කට්ටියගේ Watermark එහෙම නැත්තම් Ad දාන්නේ නැති වීම.




ඊළගට First, let's choose the banner background කියන එක click කරන්න. ඊළගට blank background කියන එක තෝරගන්න.




එහෙම නැත්තම් ඒ කට්ටිය දෙන background එකක් උනත් තෝරගන්න පුලුවන්. එතකොට මේ විදියට Editor එකක් ඒවී.






 දැන් කියන Upload background එක Select කරලා තමන්ට කැමති විදියට කරගන්න පුලුවන්. මේ Editor එකේ Option ගොඩක් දීලා තියෙනවා. තමන්ගේ නිර්මාණශීලී අදහස් අනුව Cover  එකක් හදාගන්නකෝ.




Site එකේ පහළින් තියෙන Link වලින් පුලුවන් Meme Face, Emoticons , Clip arts,Scrapbook Arts,Banner Frames ආදිය එකතුකරගන්න.



දැන් හදාගත්තු එක save කරගන්න. Save Timeline cover
කියන  එක click කරලාTimeline cover එකත් Save profile photo  click කරලා profile photo එකත් save කරගන්න. දැන් ඔයාලගේ Timeline cover එකටයි Profile picture එකටයි  Upload කරලා බලන්නකෝ....




Wednesday, September 5, 2012

Blog එකට Facebook like button එකක් දාගමුද?....


මම අද කියලා දෙන්න යන්නේ කොහොමද අපේ Blog එකට Facebook like button එකක් දාගන්නේ කියලා. මුලින්ම මෙන්න මේ Facebook Developer Site එකට යන්නකෝ. එතකොට මේ වගේ පිටුවක් දකින්න ලැබේවි.


 එතන උඩින්ම තියෙන URL to like කියන තැනට ඔයාගේ Blog එකේ Link එක දෙන්න. පහලින් තියෙන Option වලින් තමන්ට කැමති විදියට Like button එක වෙනස් කරගන්න පුලුවන්. අපේ Like button එක කොහොමද පේන්නේ කියලා පැත්තෙන් තියෙන preview එකෙන් බලාගන්න පුලුවන්. තමන්ට කැමති ආකාරයට Like button සකස්කරගත්තට පස්සේ Get Code කියන එක Click කරන්න. එතකොට Code 2ක් තියෙන පොඩි Window එකක් ඒවී.




දැන් අපි අපේ Blog එකට Log වෙලා Template කියන Tab එකේ තියෙන Edit HTML කියන එක Click කරන්න.




එතකොට පොඩි Notice එකක් ඒවී.



එක Proceed කරන්නකෝ. ආ දෙයක් කියන්න අමතක උනානේ. මතක ඇතුව මේ පියවරට කලින් ඔයාගේ Blog එකේ Backup එකක් ගන්න හොදේ. නැත්තම් හදිස්සියේවත් මොකක් හරි අවුලක් ගියොත් දෙයියන්ගෙම පිහිටයිනේ. :ඩී


හරි දැන් ඇවිල්ලා තියෙන Page එකේ Expand Widget Templates කියන එකට Tick දාන්න.


දැන් Ctrl+F ගහන්නකෝ. දැන් දකුණු පැත්තේ ඉහල කෙලවරේ පොඩි Box එකක් ඒවි. එතන <body> කියලා type කරලා enterකරන්න. දැන් <body>කියන Tag එක hilight වෙලා පෙනේවී.




Body Tag එක ඉවරවෙන තැන, මම ඊතලයකින් පෙන්නලා ඇති, එතනට Mouse pointer එක තියලා Enter කරන්නකෝ. දැන් අර ආපු Code 2න් උඩ තියෙන code එක copy කරලා මෙතනට paste කරන්න.





 ඊළඟට ආයෙමත් උඩ තියෙන කොටුවේ <data:post.body> කියලා type කරලා enterකරන්න. දැන් කලින් වගේම <data:post.body> Tag එකේ angle bracket එකට පස්සේ mouse pointer  එක තියලා enter කරන්න. දැන් අර code 2න් පහළ තියෙන code එක copy කරලා මෙතනට paste කරන්න.





 <data:post.body> කියන tag එකට පස්සෙන් code එක paste කරාම ඔයාගේ හැම post එකක් අන්තිමටම like button එක ඒවී. මේ code එක අපට පුලුවන් <data:post.body> tag එකට ඉස්සරහින් paste කරන්න. එතකොට ඔයාගේ හැම post එකක් පටන් ගන්නකොට like button එක දකින්න පුලුවන්. අපි කැමති තැනකට like button එක දාගන්න ඕනේ නම් මේ දෙවනි code එක මෙතනට paste නොකර tempate එක save කරන්න. දැන් Layout tab එකට ගිහින් Add widget කියන එක click කරලා HTML/Javascript කියන එක තෝරලා එතනට paste කරන්න.



ඊට පස්සේ save කරලා layout එකේ ඕන තැනකට drag කරලා save කරගන්නකෝ. දැන් බලන්නකෝ ඔයාගේ blog එකට facebook like button එක ඇවිත් ඇති. මොනවහරි ගැටලුක් තියෙනවනම් comment එකක් දාන්නකෝ...........


Windows Media Player එක සුපිරියට හදාගනිමු......

කොහොමද යාලුවනේ. හැමෝම හොදින් කියලා හිතනවා. හරි මම අද කියලා දෙන්නේ කොහොමද Windows Media Player එක සුපිරියට  හදාගන්නේ කියලා. Windows Operatin...